රූඪි (ඉඟි වැකි) | Sinhala Clue

Ruudi Waki Sinhala


1

(ඕනැ) අටං ගෙඩියක්

ඕනෑ ම දෙයක් (මනාලියක බලන්නට යන විට ගෙන යන කිරිබත් පෙට්ටිය)

2

අහම්බෙන්

ඉතාම හදිසි අවස්ථාවක දී

3

අකරදාරු

විවාහ නොවී දිග කෑම

4

අතමාරුවක්

ණය මුදලක්

5

අංගපුලාවකට නැති

යහපත් පැවැත්මකට නැති

6

අත දිගහැර

නිර්ලෝභී ව

7

අලකළංවිය

කරදරය

8

අං ඇවිල්ලා

ආඩම්බරයට පත් ව

9

අං මදිනවා

යම් අරගලයකට සූදානම් වෙනවා

10

අන්දකයිප්පු කාලා

මත් බවින් පිස්සු හැදිලා (බුලත්– විට සමග කෑමට ගන්නා මත් ද්‍රව්‍ය විශේෂයක් අන්දකයිප්පු නමින් හැඳින් වේ)

11

අනුන්ට ගිනි දෙනවා

අන්‍යයන්ට විපත්, පීඩා ඇති කරනවා

12

අත දෙනවා

උදව්පදව් කර සහාය වෙනවා

13

අසමජ්ජාති

නීච / පහත්

14

අන්දමන්ද වෙලා

වික්ෂිප්තයට/කැළඹීමට පත් වෙලා

15

අතපය බැඳලා

අයිති නිදහස අහිමි කරලා.

16

අමු හිංගල

කුණුහරුප

17

අදිමදි

කම්මැළි

18

අර අඳිනවා

සූදානම් වෙනවා

19

අශ්වයාට අං ඇවිල්ලා

දැඟලිල්ල වැඩි අයෙකුට ඊට තවත් උදව් ලැබිල

20

අහස් මාළිගා තනනවා

නොකෙරෙන දෙයක් සැලසුම් කරනවා

21

අඩු කළය හෙලවෙනව වැඩියි

නුගතාගේ කෑ ගැසීම් /කතාබහ වැඩියි

22

අත හයිය නම් බත නො වරදී

උත්සාහය ඇතොත් ජය ලැබෙයි ප්‍රමාණය ඉක්මවීමෙන් අයහපත් ප්‍රතිඵල ලැබේ.

23

අතිරසත් තිත්ත වෙනවා

මේ ඉක්මවීමෙන් අයහපත් ප්‍රතිඵල ලැබීම

24

අඳුනන බල්ලන්ගෙ බිරීමක්

බොරුවට තර්ජනය කිරීමක්

 

25

අන්තිම ඉත්තත් ඇද්දා

අවසන් උත්සාහයත් දැරුවා

26

අන්තිම තුරුම්පුවත් ගැහුවා

අවසන් උත්සාහයත් ගත්තා

27

අමු කැවිලා

වැරදි අවබෝධයක් නිසා දැඟලිල්ල වැඩි වී

28

අම්මා පෙවූ රන්කිරි සිහි වෙනවා

ලෙකු වේදනාවක් / දුකක් ඇති වෙයි

29

අල කොළ හිටවනව

හිතේ එකක් ඇති ව අනෙකක් පෙන්වීම

30

අලෙට වඩා වැල ලොකු යි

යහපතට වඩා අයහපත වැඩියි

31

අං හරස් කරනවා

යමකට බාධා කරනවා

32

අබුද්දස්ස කාලෙ

නොසිතු පරිදි අලුත් වෙනස්කම් සිදු වන කාලය

33

අතැඹුලක් සේ දැන

ඉතා හොඳින් හා නිවැරදි ව අවබෝධ කරගෙන

34

අලගු තියන්න වත්

සුළුවට හෝ සමාන කරන්නට වත්

35

අහස පොළොව ගැට ගහනවා

විවිධ විසඳුම් ගැන සොයා බලනවා

 

36

අල්ලාප – සල්ලාප

සතුටු සාමීචි කතා බහ

37

අරුමැක්කේ

හදිසියේ/අහම්බෙන්/අවේලාවේ අනපේක්ෂිත ව (අරුමයක් සේ)

38

අකුල් හෙළනවා

යම් කටයුතු වලට බාධා පමුණුවයි

39

අසක්කුවකට

නැති බැරි අවස්ථාවක හදිසි අවශ්‍යතාවකට

40

අන්තිම තත්පරය

අන්තිම මොහොත

41

අබග්ගය

අභාග්‍යය

42

අගේ ඉඳන් කන කනවා

ළඟින් ඇසුරු කරන අතර ම සතුරුකම් කරයි

43

අනූනවයෙන් බේරුණා

යම් විපතකින් යාන්තමින් ගැලවීම

44

අව්කාස්ටකේ / අව්සැටකේ

ඉතාම තදින් අව්ව ඇති දවල් කාලයේ

45

අඩමානෙ

සමබරතාවකින් තොර ව

46

අප බ්‍රාස කතාවක්

 

තේරුම් ගන්නට අපහසු කතාවක් (පැරණි ඉන්දීය ප්‍රාන්තීය බසක් අපබ්‍රැසනමින් තිබිණි)

47

අතේ පයේ හිරි ඇර ගන්නවා

කාට හෝ කෙනෙකුට රිසි සේ පහර දෙනවා.

48

අමනයා

මෝඩයා / කුහක ගති ඇත්තා

49

අතේ පැළවෙන බොරු

කියන විට ම හෙළි වන බොරු

50

අරෝවක්

කරදරයක් / විනාශයක් /හිරිහැරයක්

51

අනම්ම නම්

නිෂ්ඵල කතා / එකිනෙකට ගැළපීමක් නැති දේ

52

අළුගසා දානවා

නැවත ක්‍රියාත්මක වෙනවා

53

අඬහැරය

ඝෝෂාව / හයියෙන් ඇඬීම /කෑගැසීම

54

අහවල් දේකට ද

කුමක් පිණිස ද? / මොකටද?

55

අකලට පැහිච්ච ගෙඩියක්

අගේ වැඩි යමක් / දෙයක්

56

අඬන්න ඕන ලු කිරි එරෙන්න

උත්සාහයෙන් ම මිස යමක් ලැබීම අපහසු යි

57

ඇඟේ ගහනව

බලාත්කාරයෙන් ම යමක් දෙනව

58

ඇටුවම් බහිනවා

අනවශ්‍ය පරිදි තැනක රැඳී සිටිනවා

59

ඇත් ‍ගමනින්

තාලයකට / ලතාවකට කරන හෙමින් ගමන

60

ඇහැ ගහගෙන

සෝදිසියෙන් බලාගෙන

61

ඇඟිලි ගනිමින්

නොඉවසිල්ලෙන්

62

ඇහැට ඇගිල්ලෙන් ඇන්නට පේන්නෙ නෑ

තද අන්ධකාරයි

 

63

ඇට්ටකුණා

අඩු වයසින් මෝරා/මුහුකුරා යාම

64

ඇට්ටර

මුරණ්ඩු

65

ඇමක් ගිලලා

අනුන්ගේ උගුලකට / උපක්‍රමයට අසු වෙලා

66

ඈලියාවට ගියා

විනාශ / නැති වෙනවා

67

ඇඟිල්ලෙ නටවනවා

තම සිතැඟි ලෙස හසුරුවා ගන්නවා

68

ඉස්පිලලක් පාපිල්ලක් නෑර

කිසිවක් ම අත් නො හැර

69

ඉබි ගමන

ඉස්පාසුවක්

ඉතා ම හෙමින් ක්‍රියාත්මක වීම

විවේකයක් / නිදහසක්

70

ඉටි ගෙඩියක්

 

හරයක් නැති ඉතා සුළු දෙය (ගැමි ගෙවල්වල කුස්සියේ කණුවක තනාගෙන ඇති කොහොල්ලෑ ගුලිය / ගුටිය ඉටි ගෙඩියනම් වේ)

71

ඉහ වහා යනවා

උතුරා / පිරී යනවා

72

ඉහේ මලක් පිපුණා

දැඩි සතුටකට පත් වුණා

73

ඉහ මොළ කනවා

 

කපටිකමින් යමෙකුගේ දේපළ / වස්තුව ලබා ගන්නට ක්‍රියා කරනවා

74

ඉහ නිකට බලා

වයස පිළිබඳ ව සලකා බලා

75

ඉබාගාතේ

අරමුණකින් තොර ව හිස හැරුණ අතේ

76

ඉහ නිකට පැහිච්ච

වයස්ගත වූ / වෘද්ධ

77

ඉණ ඉහ විකුණා

සියලු සම්පත් වැය කර

78

ඉරිමා උදේ

ඉර පායන්නට පෙර උදෑසන

79

ඉරගල වැටෙන යාමය

සැන්දෑව, රාත්‍රිය ළං වන්නට පෙර කාලය

80

ඉණී මඟට පයින් ගහනවා

අවශ්‍යතාව ඉටු වූ පසු උදව් වූ දේ නොසලකා හැරීම

81

ඉවක් බවක් නැති ව

අපරීක්ෂාකාරී ව

82

ඉරහඳ දුටු මිනිස්සු

යමක්කමක් දන්නා අය

83

ඉතිං කාපන්කො පුස්තාප්ප

දැන් ඉතින් කුමක් කරන්න ද?

84

ඊනියා

බොරුවට මවා ගත්

85

ඊගහක වේගයෙන්

අධික වේගයකින්

86

උඩින් පල්ලෙන්

නොසැලකිල්ලෙන/ ආවට ගියාට

87

උඩක් බිමක් නො බලා

කිසිත් සෝදිසි නො කර

88

උප්පරවැට්ටිය

ප්‍රයෝගය (දෙමළ වචනයක් ඇසුරින් ආවකි)

89

උගුලකට අහු උණා

නොදැනුවත් ව අනුන්ගේ උපක්‍රමයකට අසු විය.

90

උරචක්‍රමාලයක්

 

දරා ගන්නටත්, ගැලවෙන්නටත් අපහසු යම් ප්‍රශ්නයක මැදි වීම/මහත් කරදරයක් (ලිංගික අපරාධ වලට දෙන දඬුවමකට අදාළ ව බෙල්ලට ලන, ඇතුළෙ –නුත්කැපී යන අවිය උරචක්‍රමාලනම් වේ)

91

අනේ කාලෙ වනේ වාසෙ

අයහපත් කාලයේ සියල්ලන් අත්හැර වෙන් ව සිටීම

92

අල්ල පනල්ලෙ

ඒ අතරෙ දී

93

අලි මදිවට හරක්

 

ලොකු කරදර වලට මැදි වී සිටින අතරට පොඩි පොඩි කරදර ද පැමිණීම

94

අසික්කිත

අශීලාචාර

95

අහක යන ආයිබොවං

අනුන් සම්බන්ධයෙන් කියන කතා

96

අස්ස – පස්ස නෑ

පරිස්සමක් නෑ

97

අප්පට සිරි ගජ

හරි පුදුම යි

98

අහවල් මඟුලකට ද

කුමකටද?

99

අගින් කිරි දෙවීමක්

නිෂ්ඵල උත්සාහයක්

100

ආ පයින් ම යනවා

ඉක්මනින් ම ආපසු යනවා

101

ආරේ ගුණ නෑරේ

උපන් ගති වෙනස් නොවේ

102

ආවට ගියාට

නොසැලකිලිමත් ව

103

ආ ගිය අතක්

කිසිදු තොරතුරක්

104

ආඳාමාළු ඉරටෙන් කනවා

ඍජු මාර්ග අත්හැර වෙනත් මාර්ග අනුගමනය කරයි

105

ආලාපාළුව

හානිය / අලාබය

106

ආලවටං නැතුව

අනවශ්‍ය වර්ණනා වලින් තොර ව

107

ආඩාපාලි

නෝක්කාඩු / දොස් කීම / වැරදි ගැන කීම

108

ආයුබෝවං කීවා

ඉවත් වුණා / අස් ව ගියා

109

ආතක් පාතක් නැති

කිසිදු වැදගත්කමක් නැති

110

ඇතුවා නැතුවා වැනි

තිබෙන්නේ යාන්තමිනි

111

ඇබ්බැහිකම

දැඩි පුරුද්ද

112

ඇඟට ලේ ඉනුව

ඇති වූ අධික බිය අඩු වුණා

113

එටැම් ගෙවල්වල

සමාජ අවබෝධයෙන් /සමාජයෙන් බැහැර වී

114

එකොළොස්වෙනි පැය

අන්තිම මොහොත

115

එක මල්ලෙ ලුණු කාපු

එකට එක් ව ඇසුරු කරන ලද

116

එකං වෙනවා

එගොඩ / එතෙර වෙනව

117

එකා යකා උණා

එක ම ආදර පුතා / දුව නරක අයෙකු වීම

118

ඒක මහ යොන් මැරිල්ලක්

එය අයුක්ති/අසාධාරණ ක්‍රියාවක්

119

ඔතෑනි

කම්මැළි

120

ඔරොත්තු දෙනවා

දරා ගැනීමේ ශක්තිය ලබනවා

121

ඔරුවට වඩා කොල්ලෑව ලොකුයි

කිසිදු සමබර බවක් නැත

 

122

ඔල්මාදය

සිහි විකල, පිස්සුට

123

ඕසෙට

ඉතා විශාල ලෙස, ඉතා කඩිසර ව

124

ඕනැ කුදයක්

තමන් කැමති ඕනෑ ම දෙයක්

125

කප්පරයක්

ඉතා විශාල ප්‍රමාණයක්

126

ඇම්මැහි වැඩක් ද

හිතන තරම් ලේසි /

127

කණා, පල්ලම් බහිනවා

අවදානම් වැඩක් කිරීම

128

කදුරු කැවිලා

පිස්සු විලාසයෙන් ක්‍රියා කරයි

129

කළුනික සොයනවා

දුර්ලභ දෙයක් සොයනවා

130

කළු සුදු අඳුනන්නෙ නෑ

කිසිවක් හරි හැටි නො වැටහේ

131

කඩමාල්ල

දිරූ ඇඳුම, පරණ වස්ත්‍රය

132

කඩිය වගේ

ඉතා කඩිසරෙන්

133

එකතුපාදා

එකමුතුකම, සමගිය

134

කනිපින්දම් කියනවා

බැගෑපත්ව දුක කියා යමක් ඉල්ලනවා

135

කන්දරාව

සමූහය

136

කට්ට කන්ඩ වෙනවා

අනුන් වෙනුවෙන් අසීරුවෙන් යමක් කරන්නට සිදු වෙයි

137

කටුවට වහල්ලට නැති

කිසි ම හැදුණුකමක් නැති

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top