Ruudi Waki Sinhala
|
1 |
(ඕනැ) අටං ගෙඩියක් |
ඕනෑ ම දෙයක් (මනාලියක බලන්නට යන විට ගෙන යන කිරිබත් පෙට්ටිය) |
|
2 |
අහම්බෙන් |
ඉතාම හදිසි අවස්ථාවක දී |
|
3 |
අකරදාරු |
විවාහ නොවී දිග කෑම |
|
4 |
අතමාරුවක් |
ණය මුදලක් |
|
5 |
අංගපුලාවකට නැති |
යහපත්
පැවැත්මකට නැති |
|
6 |
අත දිගහැර |
නිර්ලෝභී ව |
|
7 |
අලකළංවිය |
කරදරය |
|
8 |
අං ඇවිල්ලා |
ආඩම්බරයට
පත් ව |
|
9 |
අං මදිනවා |
යම් අරගලයකට
සූදානම් වෙනවා |
|
10 |
අන්දකයිප්පු කාලා |
මත් බවින්
පිස්සු හැදිලා (බුලත්– විට සමග කෑමට ගන්නා මත් ද්‍රව්‍ය විශේෂයක් ‘අන්දකයිප්පු නමින්
හැඳින් වේ) |
|
11 |
අනුන්ට ගිනි දෙනවා |
අන්‍යයන්ට
විපත්, පීඩා ඇති
කරනවා |
|
12 |
අත දෙනවා |
උදව්පදව් කර
සහාය වෙනවා |
|
13 |
අසමජ්ජාති |
නීච / පහත් |
|
14 |
අන්දමන්ද වෙලා |
වික්ෂිප්තයට/කැළඹීමට
පත් වෙලා |
|
15 |
අතපය බැඳලා |
අයිති නිදහස
අහිමි කරලා. |
|
16 |
අමු හිංගල |
කුණුහරුප |
|
17 |
අදිමදි |
කම්මැළි |
|
18 |
අර අඳිනවා |
සූදානම්
වෙනවා |
|
19 |
අශ්වයාට අං ඇවිල්ලා |
දැඟලිල්ල
වැඩි අයෙකුට ඊට තවත් උදව් ලැබිල |
|
20 |
අහස් මාළිගා තනනවා |
නොකෙරෙන
දෙයක් සැලසුම් කරනවා |
|
21 |
අඩු කළය හෙලවෙනව වැඩියි |
නුගතාගේ කෑ
ගැසීම් /කතාබහ වැඩියි |
|
22 |
අත හයිය නම් බත නො වරදී |
උත්සාහය
ඇතොත් ජය ලැබෙයි ප්‍රමාණය ඉක්මවීමෙන් අයහපත් ප්‍රතිඵල ලැබේ. |
|
23 |
අතිරසත් තිත්ත වෙනවා |
මේ
ඉක්මවීමෙන් අයහපත් ප්‍රතිඵල ලැබීම |
|
24 |
අඳුනන බල්ලන්ගෙ බිරීමක් |
බොරුවට
තර්ජනය කිරීමක්
|
|
25 |
අන්තිම ඉත්තත් ඇද්දා |
අවසන්
උත්සාහයත් දැරුවා |
|
26 |
අන්තිම තුරුම්පුවත් ගැහුවා |
අවසන්
උත්සාහයත් ගත්තා |
|
27 |
අමු කැවිලා |
වැරදි
අවබෝධයක් නිසා දැඟලිල්ල වැඩි වී |
|
28 |
අම්මා පෙවූ රන්කිරි සිහි වෙනවා |
ලෙකු
වේදනාවක් / දුකක් ඇති වෙයි |
|
29 |
අල කොළ හිටවනව |
හිතේ එකක්
ඇති ව අනෙකක් පෙන්වීම |
|
30 |
අලෙට වඩා වැල ලොකු යි |
යහපතට වඩා
අයහපත වැඩියි |
|
31 |
අං හරස් කරනවා |
යමකට බාධා
කරනවා |
|
32 |
අබුද්දස්ස කාලෙ |
නොසිතු
පරිදි අලුත් වෙනස්කම් සිදු වන කාලය |
|
33 |
අතැඹුලක් සේ දැන |
ඉතා හොඳින්
හා නිවැරදි ව අවබෝධ කරගෙන |
|
34 |
අලගු තියන්න වත් |
සුළුවට හෝ
සමාන කරන්නට වත් |
|
35 |
අහස පොළොව ගැට ගහනවා |
විවිධ
විසඳුම් ගැන සොයා බලනවා
|
|
36 |
අල්ලාප – සල්ලාප |
සතුටු
සාමීචි කතා බහ |
|
37 |
අරුමැක්කේ |
හදිසියේ/අහම්බෙන්/අවේලාවේ
අනපේක්ෂිත ව (අරුමයක් සේ) |
|
38 |
අකුල් හෙළනවා |
යම් කටයුතු
වලට බාධා පමුණුවයි |
|
39 |
අසක්කුවකට |
නැති බැරි
අවස්ථාවක හදිසි අවශ්‍යතාවකට |
|
40 |
අන්තිම තත්පරය |
අන්තිම
මොහොත |
|
41 |
අබග්ගය |
අභාග්‍යය |
|
42 |
අගේ ඉඳන් කන කනවා |
ළඟින් ඇසුරු
කරන අතර ම සතුරුකම් කරයි |
|
43 |
අනූනවයෙන් බේරුණා |
යම්
විපතකින් යාන්තමින් ගැලවීම |
|
44 |
අව්කාස්ටකේ / අව්සැටකේ |
ඉතාම තදින්
අව්ව ඇති දවල් කාලයේ |
|
45 |
අඩමානෙ |
සමබරතාවකින්
තොර ව |
|
46 |
අප බ්රාස කතාවක්
|
තේරුම්
ගන්නට අපහසු කතාවක් (පැරණි ඉන්දීය ප්‍රාන්තීය බසක් ‘ අපබ්රැස‘ නමින් තිබිණි) |
|
47 |
අතේ පයේ හිරි ඇර ගන්නවා |
කාට හෝ
කෙනෙකුට රිසි සේ පහර දෙනවා. |
|
48 |
අමනයා |
මෝඩයා /
කුහක ගති ඇත්තා |
|
49 |
අතේ පැළවෙන බොරු |
කියන විට ම
හෙළි වන බොරු |
|
50 |
අරෝවක් |
කරදරයක් /
විනාශයක් /හිරිහැරයක් |
|
51 |
අනම්ම නම් |
නිෂ්ඵල කතා
/ එකිනෙකට ගැළපීමක් නැති දේ |
|
52 |
අළුගසා දානවා |
නැවත ක්‍රියාත්මක
වෙනවා |
|
53 |
අඬහැරය |
ඝෝෂාව /
හයියෙන් ඇඬීම /කෑගැසීම |
|
54 |
අහවල් දේකට ද |
කුමක් පිණිස
ද? / මොකටද? |
|
55 |
අකලට පැහිච්ච ගෙඩියක් |
අගේ වැඩි
යමක් / දෙයක් |
|
56 |
අඬන්න ඕන ලු කිරි එරෙන්න |
උත්සාහයෙන්
ම මිස යමක් ලැබීම අපහසු යි |
|
57 |
ඇඟේ ගහනව |
බලාත්කාරයෙන්
ම යමක් දෙනව |
|
58 |
ඇටුවම් බහිනවා |
අනවශ්‍ය
පරිදි තැනක රැඳී සිටිනවා |
|
59 |
ඇත් ගමනින් |
තාලයකට /
ලතාවකට කරන හෙමින් ගමන |
|
60 |
ඇහැ ගහගෙන |
සෝදිසියෙන්
බලාගෙන |
|
61 |
ඇඟිලි ගනිමින් |
නොඉවසිල්ලෙන් |
|
62 |
ඇහැට ඇගිල්ලෙන් ඇන්නට
පේන්නෙ නෑ |
තද
අන්ධකාරයි
|
|
63 |
ඇට්ටකුණා |
අඩු වයසින්
මෝරා/මුහුකුරා යාම |
|
64 |
ඇට්ටර |
මුරණ්ඩු |
|
65 |
ඇමක් ගිලලා |
අනුන්ගේ
උගුලකට / උපක්රමයට අසු වෙලා |
|
66 |
ඈලියාවට ගියා |
විනාශ /
නැති වෙනවා |
|
67 |
ඇඟිල්ලෙ නටවනවා |
තම සිතැඟි
ලෙස හසුරුවා ගන්නවා |
|
68 |
ඉස්පිලලක් පාපිල්ලක් නෑර |
කිසිවක් ම
අත් නො හැර |
|
69 |
ඉබි ගමන ඉස්පාසුවක් |
ඉතා ම
හෙමින් ක්‍රියාත්මක වීම විවේකයක් /
නිදහසක් |
|
70 |
ඉටි ගෙඩියක්
|
හරයක් නැති
ඉතා සුළු දෙය (ගැමි ගෙවල්වල කුස්සියේ කණුවක තනාගෙන ඇති කොහොල්ලෑ ගුලිය / ගුටිය ‘ඉටි ගෙඩිය‘ නම් වේ) |
|
71 |
ඉහ වහා යනවා |
උතුරා /
පිරී යනවා |
|
72 |
ඉහේ මලක් පිපුණා |
දැඩි සතුටකට
පත් වුණා |
|
73 |
ඉහ මොළ කනවා
|
කපටිකමින්
යමෙකුගේ දේපළ / වස්තුව ලබා ගන්නට ක්‍රියා කරනවා |
|
74 |
ඉහ නිකට බලා |
වයස පිළිබඳ
ව සලකා බලා |
|
75 |
ඉබාගාතේ |
අරමුණකින්
තොර ව හිස හැරුණ අතේ |
|
76 |
ඉහ නිකට පැහිච්ච |
වයස්ගත වූ /
වෘද්ධ |
|
77 |
ඉණ ඉහ විකුණා |
සියලු
සම්පත් වැය කර |
|
78 |
ඉරිමා උදේ |
ඉර පායන්නට
පෙර උදෑසන |
|
79 |
ඉරගල වැටෙන යාමය |
සැන්දෑව,
රාත්‍රිය ළං වන්නට
පෙර කාලය |
|
80 |
ඉණී මඟට පයින් ගහනවා |
අවශ්‍යතාව
ඉටු වූ පසු උදව් වූ දේ නොසලකා හැරීම |
|
81 |
ඉවක් බවක් නැති ව |
අපරීක්ෂාකාරී
ව |
|
82 |
ඉරහඳ දුටු මිනිස්සු |
යමක්කමක්
දන්නා අය |
|
83 |
ඉතිං කාපන්කො පුස්තාප්ප |
දැන් ඉතින්
කුමක් කරන්න ද? |
|
84 |
ඊනියා |
බොරුවට මවා
ගත් |
|
85 |
ඊගහක වේගයෙන් |
අධික
වේගයකින් |
|
86 |
උඩින් පල්ලෙන් |
නොසැලකිල්ලෙන/
ආවට ගියාට |
|
87 |
උඩක් බිමක් නො බලා |
කිසිත්
සෝදිසි නො කර |
|
88 |
උප්පරවැට්ටිය |
ප්‍රයෝගය
(දෙමළ වචනයක් ඇසුරින්
ආවකි) |
|
89 |
උගුලකට අහු උණා |
නොදැනුවත් ව
අනුන්ගේ උපක්‍රමයකට අසු විය. |
|
90 |
උරචක්රමාලයක්
|
දරා ගන්නටත්,
ගැලවෙන්නටත් අපහසු
යම් ප්‍රශ්නයක මැදි වීම/මහත් කරදරයක් (ලිංගික අපරාධ වලට දෙන දඬුවමකට අදාළ ව
බෙල්ලට ලන, ඇතුළෙ
–නුත්කැපී යන අවිය ‘උරචක්‍රමාල‘
නම් වේ) |
|
91 |
අනේ කාලෙ වනේ වාසෙ |
අයහපත්
කාලයේ සියල්ලන් අත්හැර වෙන් ව සිටීම |
|
92 |
අල්ල පනල්ලෙ |
ඒ අතරෙ දී |
|
93 |
අලි මදිවට හරක්
|
ලොකු කරදර
වලට මැදි වී සිටින අතරට පොඩි පොඩි කරදර ද පැමිණීම |
|
94 |
අසික්කිත |
අශීලාචාර |
|
95 |
අහක යන ආයිබොවං |
අනුන්
සම්බන්ධයෙන් කියන කතා |
|
96 |
අස්ස – පස්ස නෑ |
පරිස්සමක්
නෑ |
|
97 |
අප්පට සිරි ගජ |
හරි පුදුම
යි |
|
98 |
අහවල් මඟුලකට ද |
කුමකටද? |
|
99 |
අගින් කිරි දෙවීමක් |
නිෂ්ඵල
උත්සාහයක් |
|
100 |
ආ පයින් ම යනවා |
ඉක්මනින් ම
ආපසු යනවා |
|
101 |
ආරේ ගුණ නෑරේ |
උපන් ගති
වෙනස් නොවේ |
|
102 |
ආවට ගියාට |
නොසැලකිලිමත්
ව |
|
103 |
ආ ගිය අතක් |
කිසිදු
තොරතුරක් |
|
104 |
ආඳාමාළු ඉරටෙන් කනවා |
ඍජු මාර්ග
අත්හැර වෙනත් මාර්ග අනුගමනය කරයි |
|
105 |
ආලාපාළුව |
හානිය /
අලාබය |
|
106 |
ආලවටං නැතුව |
අනවශ්‍ය
වර්ණනා වලින් තොර ව |
|
107 |
ආඩාපාලි |
නෝක්කාඩු /
දොස් කීම / වැරදි ගැන කීම |
|
108 |
ආයුබෝවං කීවා |
ඉවත් වුණා /
අස් ව ගියා |
|
109 |
ආතක් පාතක් නැති |
කිසිදු
වැදගත්කමක් නැති |
|
110 |
ඇතුවා නැතුවා වැනි |
තිබෙන්නේ
යාන්තමිනි |
|
111 |
ඇබ්බැහිකම |
දැඩි
පුරුද්ද |
|
112 |
ඇඟට ලේ ඉනුව |
ඇති වූ අධික
බිය අඩු වුණා |
|
113 |
එටැම් ගෙවල්වල |
සමාජ
අවබෝධයෙන් /සමාජයෙන් බැහැර වී |
|
114 |
එකොළොස්වෙනි පැය |
අන්තිම
මොහොත |
|
115 |
එක මල්ලෙ ලුණු කාපු |
එකට එක් ව
ඇසුරු කරන ලද |
|
116 |
එකං වෙනවා |
එගොඩ / එතෙර
වෙනව |
|
117 |
එකා යකා උණා |
එක ම ආදර
පුතා / දුව නරක අයෙකු වීම |
|
118 |
ඒක මහ යොන් මැරිල්ලක් |
එය
අයුක්ති/අසාධාරණ ක්‍රියාවක් |
|
119 |
ඔතෑනි |
කම්මැළි |
|
120 |
ඔරොත්තු දෙනවා |
දරා ගැනීමේ
ශක්තිය ලබනවා |
|
121 |
ඔරුවට වඩා කොල්ලෑව ලොකුයි |
කිසිදු සමබර
බවක් නැත
|
|
122 |
ඔල්මාදය |
සිහි විකල,
පිස්සුට |
|
123 |
ඕසෙට |
ඉතා විශාල
ලෙස, ඉතා කඩිසර ව |
|
124 |
ඕනැ කුදයක් |
තමන් කැමති
ඕනෑ ම දෙයක් |
|
125 |
කප්පරයක් |
ඉතා විශාල
ප්‍රමාණයක් |
|
126 |
ඇම්මැහි වැඩක් ද |
හිතන තරම්
ලේසි / |
|
127 |
කණා, පල්ලම්
බහිනවා |
අවදානම්
වැඩක් කිරීම |
|
128 |
කදුරු කැවිලා |
පිස්සු
විලාසයෙන් ක්‍රියා කරයි |
|
129 |
කළුනික සොයනවා |
දුර්ලභ
දෙයක් සොයනවා |
|
130 |
කළු සුදු අඳුනන්නෙ නෑ |
කිසිවක් හරි
හැටි නො වැටහේ |
|
131 |
කඩමාල්ල |
දිරූ ඇඳුම,
පරණ වස්ත්‍රය |
|
132 |
කඩිය වගේ |
ඉතා
කඩිසරෙන් |
|
133 |
එකතුපාදා |
එකමුතුකම,
සමගිය |
|
134 |
කනිපින්දම් කියනවා |
බැගෑපත්ව
දුක කියා යමක් ඉල්ලනවා |
|
135 |
කන්දරාව |
සමූහය |
|
136 |
කට්ට කන්ඩ වෙනවා |
අනුන්
වෙනුවෙන් අසීරුවෙන් යමක් කරන්නට සිදු වෙයි |
|
137 |
කටුවට වහල්ලට නැති |
කිසි ම
හැදුණුකමක් නැති |




