සමාන පද | Sinhala Similar Words

පහන් – ප්‍රදීප, ප්‍රසන්න, ආලෝක.

පාට – වර්ණ, වන, පෑ, පැහැ, ප්‍රභා, පබා, රංග, රඟ, සායම්, වයිති

පිපිම – විකසිත, මිණි මුතු, මණිමුක්ත, මිණි දැදුරු, ප්‍රබුද්ධ, පිබිදුණු, පිපි, පුල්, පුල, ඵුල්ල, පුබුදු, පුප්.

පියයුරු – ස්තන, තන, පයෝධර, කරමුල්, කුච, කුච මණ්ඩල, බාහු මුල

පිළිම – ප්‍රතිමා, අනුරූ, අනුකෘති, ප්‍රතිරූප, පටිමා, ප්‍රතිබිම්බ, පිළිබිඹු

පුරුෂ – පිරිමි, පුං, පුම, පුරිස්, මිනිස්, මනු, මානව

පොකුණ – විල, තටාක, තඩාග, තළ, දහ, දහතළා, සර, සරසි, සිලිලාර, පුෂ්කරණි, පොක්ඛරණී, පියුමාකර, පද්මාකර, පතහ.

පොත – ග්‍රන්ථය, ගත, පුස්තකය, පුස්තිකාව.

පොල් – බාරැක්, පුලපු, නාරිකේල, නෙරලු, නෙරළු.

පොළොව – පෘථිවි, පඨවි, පොළෝ, ධරණී, ධරණීතල, දෙරණ, දෙරණ තල, මහී, මිහි, මී, මේදිනී, මිහිකත, මහීකාන්තා, භූ භූමි, භූතල, මිහිමඬල, මහී මණ්ඩල, දියත, බිම, වසුමති, වසුන්ධරා, වසුධා, අවනි.

ප්‍රසිද්ධ – පසිඳු, පුවතර, ප්‍රකට, පතළ, විශ ද, පළ, ප්‍රචලිත, ප්‍රචාරිත.

බල්ලා – සුනඛයා, සෝන, කුක්කුර, කුක්කා

බඩ ගින්න – ක්ෂුධාව, ක්ෂුධාග්නිය,සුදහගින්න, සාගින්න, බඩසාය, ක්ෂුත්, ක්ෂුද්, ජඨරාග්නි.

බිරිඳ – අඹුව, භාර්යා, බිරිය, පාදපරිචාරිකා, ඇඹණිය, ඇඹෙණිය, ප්‍රියම්භිකා, පියඹ, වධු, ශ්‍රේෂ්ඨා, ද්වීතීයා, පතිනී, පතිව්‍රතා, පතිප්‍රාණා, සතී, සාධවී.

බුදු හිමි – බුද්ධ, මුනි, මුනිරජ, බුදුරජ, දම් රජ, ධම්ම රාජ, සුගත, තිලෝගුරු, තිලෝනා, තිලොවග, භගවා, අනන්ත ජින, සමන්ත භද්‍ර, සමන් බහදුරු,සෑසී, නරසී, දසබල, සර්වඥ, දීපදුත්තම, සම්මා සම්බුද්ධ, අරහං, ලෝකවිදූ, අනුත්තර, විජ්ජාචරණ සම්පන්න, පුරිස දම්ම සාරථි, ගෞතම, ගෝතම, ශාක්‍යසිංහ, ත්‍රෛලෝක පූජිත, ගොයුම්, අසමසම, අනුපම, ත්‍රෛලෝක තිලක, කරුණා නිධාන, ස්වාමි දරු, ගොයුම් ගොත්, දම්රද, දස බලධාරී, දියනා, සුපටිපන්න, උජුපටිපන්න, සාමීචිපටිපන්න, ලෝක විදූ, බුදු, පසැස්, මොකැදුරු, සමතැස්, ප්‍රඥා වල්ලභ, ලොවග, දසඹුල්, සාරථි, සත්ථා, ලෝක සිවංකර, ත්‍රිභුවන චූඩා මාණික්‍යය, ප්‍රඥා වල්ලභ, ධර්මාධිපති, ධර්මරාජ, ධර්ම ස්වාමී, නරදම් සැරි, පුණ්‍යක්ෂේත්‍ර, මුනි, ලොවිඳු, සතර මෝක්ෂාචාර්ය.

භයානක – බියකරු, භීෂණ, භීම, භයංකර, භීරුක.

භික්ෂුව – හාමුදුරුවෝ, ස්වාමීන් වහන්සේ, යති, යතිවරයා, ස්ථවිර, සංඝ, සඟ, ශ්‍රාවක, සාමණේර, හෙරණ.

මහත – විශාල, ලොකු, විසල්, සුවිසල්, තුමුල, නැබළ, මහ, විපුල.

මහා බ්‍රහ්ම – බ්‍රහ්ම, අටනෙත්, සිවුවත්, පියුම් යොන්, සතත්, සරසවිකල්.

මණිමේඛලා – මිණිමෙවුල, රසනාදාම, රසන්දම, මෙවුල, මෙවුල්දම, රසනා.

මාර්ගය – පාර, මාවත, මඟ, මං, මංපෙත, වීථිය, වීදිය, වේ, වත, පථය.

මුහුණ – වක්ත්‍රය, වත, මුඛ, මුව, වුවන, වුවනත, උවන, උවනත.

මුහුද – සයුර, සමුද්‍ර, සමදුර, සින්ධු, සිඳු, සාගර, දලනිඳු, ජලනිධි, අර්ණව, අණව, සිලිලාර, රුවනාර, රුවනාකර, රත්නාකර, නීඳු, පයෝනිධ, පාථෝධි.

යහළුවා – මිතුරා, සකි, සගයා, සබඳ, මිත්‍රයා, මිතු, මිත, සකිසඳ, සුහද, සහෘද, සහළාණ.

අනංගයා – ඌනංග, උනඟා, සමර, මද, මදරද, මල්සරා, මින්දද, නරඟ, උගුසැවු, මල්පැව්, කුසුම්සැව්, මනෝභව, මන්මථ, කම්පස, කාමදේව, මනයොන, වියොවග, බුන්නංග, රති ස්වාමි, කන්දර්පව, කාමේශ්වර, මදන, මදරජු, මනෝජ, මනෝයෝනි, කුසුමවියා, පංචබාණ, පන්සැර, කුසුම් දුනු, මල් දුනු, මසැව්, කුසුමවාප, මකරධ්වජ, මුවර දද, මීනධ්වජ, කුසුම් දද, තුනුයොන්, තුනුවඟ, පසසරා, ලිය සැවු, රියහිමි, රති හිමි, මල්හී, කුසුම්කඩ, මලඟ, මල් කෙහෙල්ලා.

අධිපති – ස්වාමි, සැමි, නා, නායක, ඉසුරු, හිමි.

ආරාමය – අරම, අසපුව, ආශ්‍රමය, පන්සල, වෙහෙර, විහාරය, පර්ණශාලා.

ආලින්දය – සාලය, පිළි, නිසවත්ත

ආලෝකය – එළිය, පහන්, රැස්, ප්‍රභා‍ කිරණ, කාන්ති, කර, පබා, අලු, පා, පාය, ආභාස.

ඇස – නෙත, නයන, නුවන, අක්ෂි, චක්ඛු, චක්ෂු, නේත්‍ර, ලෝචන.

ඇතා – අලියා, කණෙරු, ගජ, ගජිඳු, ගජේන්ද්‍ර, ගිජිඳු, නාග, නා, කුංජර, කිරි, වරණ, වරණිදු, හස්තියා, මතග.

ඉක්මන් – වහා, සෙද, කඩිනම්, විගස, යුහු, යුහුසුලු, නොලස, වෙලෙවි, හනික, වයි, සහසා.

ඊශ්වර – ඉසුරු, මෙහෙසුරු, තිනෙත්, තිසුලත්, තිසුලවි, බරණිදු, ගිරිඳු, ශිව, හර, නීලඛණ්ඨ.

උතුම් – පවර, වර, සොඳ, ශ්‍රේෂ්ඨ, සෙට, අර්ඝ, මහාර්ඝ, අනගි, අනර්ඝ, මහාර්හ.

උත්සවය – සැණකෙළි, සැණ, උළෙල, ක්ෂණ ක්‍රීඩාව.

උත්සාහ – තැන, යත්න, දිරිය, ප්‍රයත්නය, ආයාසය, උත්සුක, උනන්දු, ප්‍රායාස.

උපත – දිනීම, දිනුම, නිෂ්පත්ති, උත්පත්ති, භවය, ප්‍රභවය, සම්භවය, ඉපදීම, පහළවීම.

ගින්දර – අග්නි, අග, ගිනි, අනල, නල, ජාතවේද, හුතැස් වහ්නි.

ගිමන – ග්‍රීෂ්මය, විඩාව, වෙහෙස, සරතැස, ගිම්.

ගෙය – අගාර, අගර, ගර, ආලය, ගෘහය, නිවස, මැඳුර, විමන, භවන, මන්දිරය, මාලිගාව, පහය, පාය, ප්‍රාසාදය, අවාසය, මඩුව, බංගලාව, කුටිය, වාසල, පැල, පැල්පත, කුටි, කුටීරය, කිළිය.

ජලය – අඹ, අම්බු, දිය, පැන්, වතුර, උදක, තෝ, දල, පා, රස, සලිල, අඹු, ආප, වාරි, දියර, ද්‍රව.

තාත්තා – පියා, පීතෘ, පිත්, පියාණ, ගුරු අප්පා, අප්පච්චි, පිතා, බප්

තොරණ – බිහිදොර, බහිද්වාර

දත් – දළ, දාඨා, දන්ත, දසන්, දංෂ්ට්‍රා.

දෙක – යුගල, යුග්ම, බාන, කුට්ටම, ජෝඩුව, ගෙය, යුවළ, සඟළ.

නරියා – හිවලා, කැණහිලා, ශෘංගාලයා, සිඟාලයා, ලෝමාලිකා.

නිතර – නිබඳ, නිරතුරු, නිරන්තර, නිති, සතත, අනවරත, එක්ව ව.

නිදහස් – ස්වාධීන, ස්වතන්ත්‍ර, ස්වෛරී, ස්වායත්ත, අපරතන්ත්‍ර, අදීන, නිවහල්, අපරාධීන, ස්වාධිපත්‍ය, පරමාධිපත්‍ය.

නිවන – මොක්, මෝක්ෂ, පරමසුව, නිර්වාණ, අමත, අපවග, නිරෝධ.

නෙළුම්මල – පද්ම, පියුම, නලින, සර, රත්සර, නෙළුඹු, අම්බුජ, සරජ, සරසිජ, සරෝජ, සියපත, දහස් පත, සහස් පත, පංකජ, කමල, අරවින්ද, පඬෙර, පුණ්ඩරීක, තඹර, තාමරස, සරද, පොකුර, පුෂ්කර, සරෝරුහ.

පණ්ඩිත -වියත්, උගත්, බුද්ධිමත්, විදග්ධ, පඬි, පඬු, ප්‍රබුද්ධ, ව්‍යක්ත, ඥානවන්ත, නැණවත්, ප්‍රඥාවත්, පැනසර, ප්‍රාඥ.

ශක්‍රයා – සක්, සක්දෙවි, ඉන්ද්‍ර, ඉඳුරු, සුරරද, සුරිඳු, දෙවිරද, දෙව්රජ, සුර ඉසුරු, සහස් නෙත්, සහසැස්, වජ්‍රපාණි, පුරින්දද, සුරඅදර, සුරපති, පුරන්දර, පුරඳරා, විදුරවි, සුරකූලහිමි, තිදසිඳු, විදුරත්, අමරපති.

ශබ්දය – නාදය, නද, රාවය, රැව්, නා, සන්, සංඥා, නිනද, හඬ, ස්වරය, සර.

ශරීරය – කය, ගත, සිරුර, පංචස්කන්ධය, පස්කඳ, කඳ. දේහය, ඇඟ, රූපය. රූපකාය, සියොලඟ, වෙර, බඳ, තුනු, තුනුවඟ, තවංගී.

ශෝකය – දුක, සෝක, කනගාටුව, දොම්නස, දෝමනස්සය, කනස්සල්ල, පසුතැවිල්ල, පශ්චාත්තාපය, සන්තාපය.

ශ්‍රී කාන්තාව – ලක්ෂ්මී, සිරිකත, සිරිසඳ, මුහුදු දූ, පියුමම්බා, වෙණු කල්.

සතුට – ප්‍රහර්ෂය, සන්තුෂ්ටිය, සන්තෝෂය, තොස, තුස, තුට, සහතුට, අමොද, පමොද, ප්‍රමෝද, සතොස, ප්‍රීතිය, පීති, ඔද, ඔකඳ, ආනන්ද, අනඳ, නඳ, නඳන්, උදම්, සෝමනස්ස, ආහ්ලාදය.

සසල – චංචල, චල, සල, සෙලවීම, ළල, ලෙළ, වෙවුලන, ප්‍රලය.

සංග්‍රාමය – රණ, සටන, යුද්ධය, යුධ, යුද, සමර, කලහ, අරගල,

සඳ – චන්ද්‍රයා, සසක්, සිසි, ශශි, හිමකර, අමාකර, නිසා කර, සිසිලකර, තුසරකර, කලාපති, කලානි, උළිඳු, ශීතරශ්මි, හිමරැස්, සොමිරැස්, තරුපති, තරිඳු, තාරපති, තාරානාථ, සොමිකර, ඉන්දු, සසලේ, සසලේඛා, සොමි, නිශානාථ, උළුපති, සේකර, විධූ, නිශාපති, නිශේන්ද්‍ර, තාරාමණි, කලානාථ, පණ්ණරසී.

සිත – චිත්තය, මනස, හිත, මනඃ, මන, සඳ, සන්තානය, සති.

උපද්‍රව – උවදුර, පරිපත, පළිබෝධ, පළිරෝධ, ප්‍රතිරෝධ, කරදර, පීඩා, කම්කටොලු, අනතුරු.

කතාව – වත, වස්තුව, වත්ථුව, ප්‍රබන්ධය, කථාව, අන්දරය, පුවත, පවත. ප්‍රවෘත්තිය, හෑල්ල.

කඩුව – අසි, අසිපත, කග, කගපත, සිරි, ඛග. සඳහස.

කණ්ණාඩිය – කැටපත, කැට, දර්පණතල, ආදර්ශ, තල

කාන්තාව – ස්ත්‍රිය, ඉතිරිය, ගැහැනිය, වාමා, වාම ලෝචනා, මෘගාක්ෂි, මිගැසි, දීර්ඝාක්ෂි, දිගැස, අඹ, කත, ලිය, ළඳ, මහිලාව, වමිය, බවලතා, වනිතා, මෙණවි, කන්‍යාව, විලාසී, විලාසිනී, ලලන, ලලනාව, මන්දහාසී, මන්දහාසිනී, චාරුලතා, චාරු දේහිනී, අඟන, අංගනාව, වරඟන, වරාංගනා, ඉත්ථි, පමදා, මාගම, අබලා, චල ලෝචනී, මධුර භාෂිණි, ප්‍රියංවදා, සඳ, සුචිලෝචනා, සුචිස්මිතා, තුනුවඟ, ආයතලෝචනා, රුචිරාණනී, නාරි, කල් බඳ, කල්, වධූ, මියුලැස. ප්‍රමදා, පමා.

කැලෑව – වන, වනාන්තර, අරණ, බැද්ද, ආරණ්‍යය, ළන්ද, වල, අටවි, ඉළු, බූටෑව, රුකුල.

කුකුළා – තඹ සිළු, සරණ වී, සැවුලා, කුක්කුට,

කූඩය – ඡත්‍රය, සත, හිර වරණ.

කුරුල්ලා – පක්ෂියා, සකුණ, සියොත්, සකලයා, විභංග, දද, ද්විජ.

කොට්ට – මාවුලා, මහවුලා, කන්වයින්,

කොණ්ඩය – වරල, වරලස, මුහුල, මුහුලස කෙස් වැටිය, කේශ කලාපය, ධම්මිල්ලය, ධම්මිල්ල කලාපය, කෙහෙ, අලක, කියඹු, කියඹුලතා, කෙස්.

ගඟ – නදී, නී, හෝ.

ගල –  ශෛලය, සල, සෙල්, පාෂාණ, පහණ, වහණ, වාණ.

ගස – වෘක්ෂය, රුක, තුර, වනස්පති, තරු, පාදය, ධුම, දුම, ධ්‍රැම. මහීරුහ, සාල, සා, පා, ගච්ඡ

රජතුමා – රජු, නිරිඳු, නරේන්ද්‍ර, නරනිදු, නරපති, නරනා, නරපා, නරනාථ, භූපති, භූපාල, භූපල්, භූමිපාල, බුජ, ප්‍රජේශ්වර, මිහිපති, මීපති, මීපල්, මිහිපල්, මහීපාල, දෙරණිසුරු, රද, මිහිඳු, බුපා, භුවනේශ්වර, වසුමතිපති, නෘපති.

රක්ෂාව – රැකියාව, වෘත්තිය, ජීවිකාව.

රවුම් – ගෝලාකාර, චක්‍රාකාර, වක්‍රාකාර, වලයාකාර, අණ්ඩාකාර.

රත්රන් – රන්, ස්වර්ණ, සුවණ්ණ, කාංචන, කසුන්, කනක, කනා, හිරණ්‍ය, හේම, හෙම්, රත්තරං.

රශ්මිය – කර, කැලුම්, කැන්, කිරණ, පැහැ, පෑ, මරීච්, මෙරද, රද, රස්, රැස්, කාන්ති, ප්‍රභා, පබා, දීප්ති.

රෙදි – පට, වස්ත්‍ර, සාටක, සළු, වත්, පිළි, කඩ, අම්බර, වසන්, අඹර.

ලණුව – රැහැන, රෑන, බාන, දිය, යොත, කඹය, වර, වරපට.

ලස්සන – සොඳුරු, සුන්දර, සිත්කලු,නෙත්කලු නයන කලු, මනස්කාන්ත, මනකල්, මනකලු, අයස්කාන්ත, මනඃකාන්ත, චමත්කාර, විචිත්‍ර, විසිතුරු, පියකරු, චාරු, ශෝභන, සෝබන, කල්, කලු, කල්‍යාණ, කලණ, මන වඩන, මනබඳන, මනෝ බන්ධන, මනෝඥ, ලකළ, ළකල, කදිම, රමණීය, රම්‍ය, රමණ, සුරම්‍ය, කමනීය.

ලෝකය – ලෝ, ලොව, දියත, දිගත, ජගත්, දිය, විශ්ව, භූ, භුවන, චක්‍රවාට, චක්කවාළ, සක්වළ

වලාකුළ – වලාකුට, වලාහක, වලා, මේඝ, මේ, ගන, මේඝ කූට, කාලමේඝ, අඹ, ගනකුළ, ජලධර, පයෝධර

වඳුරා -ශාඛාමෘග, සාමුව, ගොනකුල්, වානර, වාමන, කපි, කවි.

වැලි – පුලින, මරු, වාලුකා, වණු.

විෂ්ණු – වෙණු, වෙණුදෙවි, ගෝවින්ද, ගොවිඳු, උපේන්ද්‍ර, උවිඳු, හරි, දමෝරා, කමලැස, චක්‍රපාණී, රමේශ, දිය බඳ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top