තනි පද | Single verses

 

1

පිටක තුනකින් යුක්ත වූ 

ත්‍රිපිටක / තෙවළා / තුන්පිටක

2

රජ පවුලට අයත් වූ

රාජකීය

3

ජනයා අතර කටින්කට පැවතෙන කතා

ජනප්‍රවාද/ජනශ්‍රැති

4

මුහුදු වෙරළට ළංව පිහිටි

වෙරළබඩ /වෙරළාසන්න

5

එකිනෙකට සම්බන්ධතා පවතින

ඒකාබද්ධ

6

ඉතිහාසය පිළිබඳ මනා දැනුම් ඇති

ඉතිහාසඥ

7

බැහැර කළ රාගය ඇති

වීතරාග

8

වේගවත් ගමන් ඇති  

අතිජව/ජවසම්පන්න

9

දිරා / ඉරිගිය රෙදි කැබලි  

වැරහැලි

10

සිතුවම් ඇදි රෙද්ද  

පෙති කඩ

11

අඩු වියදමින් වැඩ කටයුතු කර ගැනීම  

අරපරෙස්සම

12

සෙබළුන් අදින ලෝහමය උඩුකය වැස්ම

සන්නාහය

13

වනාන්තර බහුල පෙදෙස

වන්නිය

14

පහතින් ලියා ඇති දෙය

අධෝලිපිය

15

මීට පෙර කියා තිබෙන

යථෝක්ත

16

උපතින්ම දෑස අන්ධ වූ පුද්ගලයා  

ජාත්‍යන්ධයා

17

ජලාශ නිසා ගමන් අපහසු  

ජල දුර්ග

18

කඳු පර්වත නිසා ගමන් අපහසු  

ගිරිදුර්ග

19

අනුන්ගේ ගුණ වර්ණනා කරන්නා  

වන්දිභට්ටයා /වන්දියා

20

වනාන්තර නිසා ගමන් අපහසු ඇති  

වනදුර්ග

21

රැයක පාන්දර කාලය

අලුයම

22

ගස්වලින් පිරි වනාන්තර පෙදෙස  

වනගොමුව

23

වැල්වලින් පිරි වනාන්තර කොටස  

ලියගොමුව

24

වනය නිසා සෙවණ වූ පෙදෙස  

වනවදුල

25

දුරදිග බලා ක්‍රියා කරන 

දුරදර්ශී

26

මනාකොට පරීක්ෂා / සෝදිසි කර බැලීම

සමීක්ෂණ

27

සෑම ආකාරයෙන් ම යහපත් වූ  

සර්වතෝභද්‍ර

28

සාධක මගින් තහවුරු කළ මතය

සිද්ධාන්තය

29

නිහඬව කලබල රහිත ව සිටින්නා

හිමිජ්ජා

30

බාහිර මෙහෙයීමකින් තොරව ක්‍රියා කරන

ස්වයංක්‍රීය

31

මිනී දවන / වළලන භුමි ප්‍රදේශය

සුසානය /සොහොන

32

මනා සේ ආරක්ෂා කරන ලද

සුරක්ෂිත

33

ප්‍රකෘති සිහිය නැති වීම

සිහිමුර්ජා /සිහිමුළා

34

ශරීරයෙහි හට ගන්නා විෂ සහිත ගෙඩිය  

විසාදිය

35

බලාත්කාරයෙන් යම් තැනකට කඩා වැදීම  

ආක්‍රමණය

36

පදිංචි ප්‍රදේශයෙන් තාවකාලික ව ඉවත්ව යාම

සංක්‍රමණය

37

අමාවකට / පසළොස්වකට පසු පස්වන දිනය   

විසේණිය

38

රාත්‍රි අහසේ සඳ රේඛාවක් වත් නැති දිනය

අමාවක

39

අමාවකට / පසළොස්වකට පසු දිනය  

පෑළවිය

40

වැරදි අසම්මත ආකාරයට හැසිරීම

විෂමාචාරය

41

සම්පත්වලට සරිලන ගැළපෙන සේ

විභවානුරූප

42

ලෝකය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙසින් සිතීම

විදර්ශන

43

ළා කොළ පැහැති මැණික් විශේෂය  

වෛරොඩි /වෙරළුමිණි

44

රජ මාළිගාවේ මිදුල  

රාජාංගණය

45

ළමා සුභ සිද්ධියට එක්සත් ජාතීන් පිහිට වූ අරමුදල  

යුනිසෙෆ්

46

සම්පූර්ණයෙන් ම හිස වසා පොරවන  

ආවරණය

47

තුවක්කු පතරොම්වලට යොදන ඊයම් බෝල  

මූනිස්සම්

48

වැසි සමයෙන් පසු දිය සිදී යන දිය පාර  

මළ දොළ

49

දීප්තිමත් ව බැබළෙන්නට කැපූ දියමන්තිය

බෙරලියන්තුව

50

සිතට සතුට ගෙන දෙන

ප්‍රියමනාප

51

මහල් සහිත විශාල ගොඩනැගිල්ල  

ප්‍රාසාද/මන්දිර

52

විදුලිය ලබා ගැනීමට කෙවෙණියට සවිකරන කොටස

පේනුව 

53

භික්ෂුන්ගේ අධ්‍යාපන ආයතනය

පිරිවෙන

54

කුලියට මිනීමැරුම් හා අපරාධ කරන්නා  

පාතාලයා

55

මාසයේ පුරපක්ෂයේ පහළොස්වන දිනය 

පසළොස්වක

56

අනුන් කරන උපකාර

පරෝපකාර

57

තමා අවට පවත්නා ප්‍රදේශය  

පරිසරය /වටපිටාව

58

මුහුදු රළෙහි බලය හා වේගය කඩන බැම්ම 

දිය කඩනය

59

දෙපා ඇත්තන් අතර උත්තම පුද්ගලයා

දීපදුත්තම

60

නැටුම් පුහුණුවේ දී හරහට යොදන ලීය

දණ්ඩියම

61

ජයග්‍රහණය සඳහා අන්තිමට ම කළ හැකි දෙය

තුරුම්පුව

62

උඩරට රාජ්‍යයේ ඉහළ තනතුරු දැරූ නිලධාරි   

නිලමේ

63

නම්බුනාම ආදියෙන් සම්මාන බුහුමන් ලැබූ

නාමෝපලක්ෂිත

64

සතුන්ගේ පිට මත බඩු පටවා ගෙන යාම

තවලම

65

හේවිසි ගැසීමට ගන්න බාග දෙකේ බෙරය

තම්මැට්ටම

66

නොරිදෙන සේ හෙමින් තට්ටු කරනවා

ටුක්කනවා

67

උගතුන්ගේ විශේෂ භාෂා ප්‍රයෝග  

ප්‍රේත ප්‍රයෝග

68

ස්ථිර අදහසක් නැති පුද්ගලයා

චපලයා

69

ඍජු රේඛා හතරකින් වට වූ තල රූපය

චතුරස්‍රය

70

උස්බිම්හි එකතු වී සෙමෙන් රූටා එන අයිස් කඳ 

ග්ලැසියර

71

පුරයකට / මැඳුරකට ඇති පිවිසුම් දොරටුව

ගෝපුර

72

කොළ නොවිහිදි ළපටි පොල් අත්ත

ගොක්කත්ත

73

මරණින් පසු පිළිසිඳ ගැන්මක් පතන සත්වයා 

ගන්ධබ්බයා

74

ගත් ණයක් ආපසු දෙන තෙක් තබන ඇපය 

උකස / උගස

75

ගස් කදන්හි හා ගල් මත වැඩෙන ශාක

උඩවැඩියා /අපිශාක

76

ප්‍රභූවරයෙකුට ගරු කරන හමුදා පෙළපාළිය

උත්තමාචාරය

77

ශාක පත්‍රවල ජලය වාෂ්ප වීම

උත්ස්වේදනය

78

රජයක් රජයකට අපරාධකරුවකු බාර දීම

උදර්පණය

79

කොඳුරමින් කරන බැගෑපත් ඉල්ලීම

කන්නලව්ව

80

මතුපිට සමෙහි හට ගන්නා සුදු ලප

ගෝමර/අළුහම්

81

දහම පිළිබඳ ව කතා කරන රැස්වීම

දම්සබාව

82

වර්තමානයට සරිලන සේ සැකසීම

නවීකරණය

83

අංග පහකින් සමන්විත වූ

පංචාංග

84

ගොවිපළට වතුර ගන්නා ලොකු දිය වළ

පතහ

85

තුවාලයට එළන බෙහෙත් ගැල්වූ රෙදිකඩ

පැලැස්තරය

86

උපකාරයකට, ආපසු කරන උදව්ව

ප්‍රත්‍යුපකාරය

87

බොහෝ දේ අසා දැන උගත්කම් ලැබූ

බහුශ්‍රැත

88

බොහෝ සේ කියවා ලැබූ දැන උගත්කම් ඇති

බහු පඨිත

89

නැව් වලට තෙල් සපයන විශාල තෙල් ටැංකිය

බන්කරය

90

සාධක සහිත බව

සසාධක

91

මඩවගුරු බිම් නිසා ගමන් අපහසු

පංක දුර්ග

92

උගුලකට අසු වූ බව හඟවන රාවය

බද්ධරාවය

93

පාද හතරකට වැඩි සමතල රූපය

බහු අස්‍රය

94

ගින්දර, ලෝදිය, වාෂ්ප, පිටකරන කුහරය

යමහල

95

රත්තරනින් සාදන ලද කළය

රන්කුඹු

96

කාන්තාවන් සිය ඇස් වටා තවරන අඳුන

රසාංජන

97

භාණ්ඩයක මිලෙන් කරන විශේෂ අඩු කිරීම

වට්ටම

98

විවිධාකාර වර්ණයන්ගෙන් යුක්ත වූ

වෛවර්ණ

99

කිසියම් ආගමක කර්තෘත්වය දරන්නා

ශාස්තෘ

100

ගිහි ගෙය හැර සිඟා ඇවිදින

සන්නාසියා

101

වටහා ගැන්මට අපහසු කාරණාව

ප්‍රහේලිකාව

102

නගරය හා සම්බන්ධතා ඇති

නාගරික

103

අපල දුරු කිරීමට පවත්වන අභිචාර විධි

සෙසාන්ති /ශාන්තිකර්ම

104

සම්පූර්ණයෙන් ම වැනසීම

විධවංසනය

105

පැරණි යුගයෙහි පැවති

චිරන්තන

106

බොහෝ කලක් පුරා පැවතීම

චිරස්ථිතිය

107

යමකට සමාන සේ කළ රූපය

අනුරුව/අනුකෘතිය

108

ආහාරපාන බොහෝ සේ හිඟ අවදිය

දුර්භික්ෂය/සාගතය

109

ලෙඩ රෝග බෝවෙමින් පැතිර යාම

වසංගතය

110

සමාන කරන්නට කිසිවකුත් නැති

අසමසම

111

වෙනත් දෙයකට/ කෙනෙකුට උපමා කළ නොහෙන

අනුපම

112

වෙනත් කෙනෙකුට දෙවැනි නොවන

අද්විතීය

113

අංකයක් වැනි යමකින් සලකුණු කර ඇති

අංකිත

114

යමකට වසරක් ගෙවී යාම

සංවත්සරය

115

යම්කිසිවකට වසර 25ක් ගත වීම

රජත ජයන්තිය /රිදී ජුබිලිය

116

යම්කිසිවකට වසර 50ක් ගත වීම

ස්වර්ණජයන්තිය /රන් ජුබිලිය

117

යම් කිසිවකට වසර 75ක් ගත වීම

වජ්‍රජයන්තිය /දියමන්ති ජුබිලිය

118

යම්කිසිවකට වසර 100ක් ගත වීම

ශත සංවත්සරය

119

දහයකින් සමන්විත වූ

දශකය

120

සියයකින් සමන්විත වූ

ශතකය

121

දහසකින් සමන්විත වූ

සහස්‍රකය

122

බොහෝ දේශයන්හි කරන සංචාරය

දේශාටනය /දේශ සංචාරය

123

සිත් ආකර්ෂණය කරවනසුලු 

චිත්තාකර්ෂණීය

124

වනයෙහි ඇති වන ස්වාභාවික ගින්න

ළැව් ගින්න /දාවාග්නිය

125

කෙළෙහි ගුණ නොසලකන

අකෘතඥ

126

මොහොතක් පමණ වේලාවක් පවත්නා

ක්ෂණික

127

මොහොතක් පාසා කැඩී බිඳී වැනසෙනසුලු

ක්ෂණ භංගුර

128

කැඩී බිඳී ගිය තැන් සකසා අලුත් කිරීම

ප්‍රතිසංස්කරණය

129

සතුටට පත් වීම නිසා දෙන දෙය

පාරිතෝෂිතය

130

යම් හඬක දෝංකාරය

ප්‍රතිරාවය

131

ප්‍රධාන නගරයෙන් දුරස්ථව පිහිටි ගම

පසල්ගම /පසල් දනව්ව

132

යම් යම් දේවල් එකට මිශ්‍ර කිරීම

සංයෝගය

133

තම පියා මරා දැමූ පුද්ගලයා

පීතෘඝාතකයා

134

මගීන්ට මරණ භය දනවා ඔවුන් සතු දේ උදුරා ගැනීම

මංකොල්ලය

135

කෙනෙකු සතු දේ ඔහුට නොදැනෙන සේ ගැනීම

සොරකම

136

සහමුලින් ම උදුරා දැමීම

මූලොත්පාටනය

137

කෙනෙකු/ යමක් සිහි වීම පිණිස සාදන ලද දේ

ස්මාරකය

138

බය ගැන්වීම සඳහා තදින් සැරවැර කිරීම

තර්ජනය 

139

කෙනෙකුට තර්ජනය කිරීමට ඔසවන ඇඟිල්ල

තර්ජනාංගුලිය

140

යමෙකුගේ උපන් ප්‍රදේශය

ජන්ම භූමිය /ජාත භූමිය

141

දිනපතා තම කාර්යයන් සිදු කරන ආකාරය

දිනචාරියාව

142

තමන්ගේ රටින් පිට වී විසීම

ප්‍රවාසය

143

යමෙකුට විපතක් වේවා යන පැතුම

ශාපය / හැවිල්ල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top